lag නැතුව ගේම් ප්ලේ කරමු !!

lag?

ගේම් එකක් ප්ලේ කරද්දි ඒක හිර වෙමින් හෝ කැඩි කැඩි ප්ලේ වෙන එක තම්යි ලැග් වෙනව කියන්නෙ ,ඒක ඉතින් කෝමත් දන්නවනෙ .බොහෝ වෙලාවට ගේම් එකක් ලැග් වෙන්නෙ  ඔයා ගේම් ප්ලේ කරන කම්පියුටර් එකේ ගේම් එක ප්ලේ කරන්න් ඕන කරන 
requirements නැති උනාම .කම්පියුටර් එකේ hardware පැත්ත තමයි වැඩිපුර බලපෑම් කරන්නෙ .

සමහර වෙලාවට low setting වල ගේම් එක  ප්ලේ  කරන්න පුලුවන්කම තියෙද්දිත් high setting  දාල ගේම් එක ලැග් කරගන්න උනුත් නැතුව්ම නෙවෙයි .ඒක නිකන් ටැට්ටර් වලට ac දානව   වගෙ වැඩක්නෙ 😂

source 

කෝම උනත් ගේම්  එක ලැග්  නැතුව ප්ලේ කරන්න පුලුවන් දේවල් ටිකක් කියන්න තමයි හැදුවෙ ..ඒම කියල i5 spec ඉල්ලන ගේම් එකක් pentium 4 එකක ප්ලේ කරන්න නම් බෑ ඉතින් .😂


 Dxtory

මේ සොෆ්ට්වෙයා එකෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් .මේකෙන් පුලුවන් ගේම් එකෙ fps limit කරන්න ,ඒවගේම තව ගොඩක් දේවල් කරන්න පුලුවන් .ගේම් ලැග් වෙන්න හේතුවක් තම්යි මේ fps එක වැඩි වීම .frames per second  කියන එක තමයි  ඔය කෙටි කරල කියන්නෙ . fps එක වැඩි උනාම ගේමෙ එකෙ ආතල් එක සුපිරියට ගන්න පුලුවන් ඒත් ඉතින් කම්පියුටර් එකට ඒක දරාගන්න පුලුවන් නම් තමයි .graphics card එක processor එක වගේම pc එකේ අනිත් දේවලුත් හොදට තියනම් අපිට සුපිරිම ගේම් experience  එකක් ගන්න පුලුවන් .
ඒත ඔයාගෙ pc එකෙ  එච්චර ලොකු performance නැත්තම් ඉතින් මම කිව්ව විදියට මේ සොෆ්ට්වෙයා එක දාල ගේම් එක ලැග් වෙන්නෙ නතුව ප්ලේ කරගන්න පුලුවන් වේවි .

*ලැග් වීමට හේතුව fps නම් ,මෙය පිලියමකි .


Razer Cortex

මේ සොෆ්ට්වෙයා  එකෙන් කරන්නෙ ගේම් එකෙ performance  ටිකක් විතර අඩු කරල pc එකේ උපරිම performance ගේම් එකට අරන් දෙන එක .ඒ කිව්වෙ ඔයා ගේම එක ප්ලේ කරන වෙලාවට pc එකෙ background run වෙන app stop කරල ගේම් එකට උපරිම performance අරන් දෙන එක .ඒ වගේම මම කලින් කිව්ව වගේ ගේම් එකේ fps අඩු කරල ගේම එක smooth play කරන්න pc එක සකස් කරන එක ..




*සොෆ්ට්වෙයා දෙකේම ලින්ක් ඉහත දී ඇත .

පෝස්ට එක කියවන ඔයාල දන්න ටිප්ස් එහෙම තියනම් යටින් කමෙන්ට් කරන්න. ඒක අනිත් අයටත්, ඉස්සරහට ගේන පෝස්ට් වල්ටත් වැදගත් වේවි .

තව දෙයක් පෝස්ට් එකේ වැරදි තියනම් කියන්න .ඒකත් මට ලොකු උදව්වක් වේවි 
..😊

Comments

Popular posts from this blog

පරිගණක ක්‍රීඩා අහිතකරද ?

අලුතින්ම බ්ලොග් එකක් ..!